Friday, September 16, 2011

මග නිවැරදි නම් ගමන වරදින්නේ නැත


මහජන මතය ප්‍රබලය, ශක්තිමත්ය හෙන පහරටත් වඩා වේගවත්ය. යම් ජාතියක නියම දියුණුව, නියම නිදහස රඳා පවත්නේ මහජන මතය මත බව සැලකිය යුතුය. එහෙත් දියුණුවට බාධා පමුණුවන, නියම නිදහස ලඟා නොකරන, දුර්වල මහජන මතයකින් ඇති ප්‍රයෝජනයක් නැත.
අද අපේ රටේ තත්වය හා මහජන මතය ගැන සිතා බැලුවහොත්, සංකර අධ්‍යාපනයකින් නොමග ගිය ආත්මාර්ථකාමී බියගුල්ලන්ගේ දීන මහජන මතයකින් කවර ප්‍රයෝජනයක්ද? එවැනි මහජන මතයකින් තව තවත් සමාජය දීන තත්වයට පත්වේ. 
නියම දියුණුව, අභිවෘධිය, නිදහස ලඟා කරදෙන ප්‍රාණවත් නියම මහජන මතයක් අමුතුවෙන් ඇති කිරීමට අදම අපගේ සියලු ධෛර්යය යෙදිය යුතුය. මෙහිදී අපට බොහෝ විපත් වලට මුහුණ පාන්නට සිදු වනු ඇත. එහෙත් අපගේ අදහස් මුදුන් පත් වූ විට, අප පමණක් නොව අපගේ ජාතියද ලොව බබලනවා ඇත.

No comments:

Post a Comment