Tuesday, September 13, 2011

පෝස්ටරයට සහ කොන්ක්‍රීට් පාරට යටවුනු දේශපාලන දැක්ම


මෑත කාලයේ මැතිවරණයක් නොතිබුණු වකවානුවක් අපට මතකයට නගා ගත නොහැක. කොපමණ මැතිවරණ පැවැත්වුණද ඒවායින් මිනිසුන්ට හෝ සමාජයට වුනු යහපතක් නැත.
පුදුමයට කාරණය වන්නේ ඒවායේ ප්‍රතිඵලයද කිසිදු වෙනසක් නොවීමය. එසේ නම් මිනිසුන්ගේ දේශපාලන දැක්ම පෝස්ටරයට සහ කොන්ක්‍රීට් පාරට යටවී නැති බව අපට කිව හැකිද? 

ලෝකයේ අළු ගසා දම නැගී සිටි ජාතින් සියල්ලක්ම පාහේ දියුණුවට පත් වුයේ තමන්ට සේවය කරන නායකයින් තුලිනි. යමෙක් එම සේවය නිවැරදි ලෙස ඉටු කරන්නේ නැතිනම් එය ඉටු කරවා ගැනීම ජනයාගේ වගකීම විය යුතුය. ඒ සඳහා දේශපාලනික වශයෙන් විපක්ෂය පෙරට පැමිණිය යුතු වුවද එය එසේ නොවන විට ජනයා තම වගකීම ඉටු කල යුතුය. ඒ සඳහා අපට ගත හැකි ක්‍රියා මාර්ග කීපයක් නම්
  1. ආණ්ඩුව නිවැරදි මාර්ගයට ගැනීම 
  2. විපක්ෂය අවදි කිරීම
  3. ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ පැවැත්වීම
 මැතිවරණයක් යනු ඉහත කී සියලුම ක්‍රම වේද ක්‍රියාවට නැංවිය හැකි අවස්ථාවකි. පවතින ආණ්ඩුවට විරෝධය පෑම මෙන්ම විපක්ෂය අවදි කිරීමටද එය සාර්ථක ලෙස භාවිතා කල හැක.
ඒ සඳහා මිනිසුන් යම් වෙනසක් සිදු කල යුතුය. නැතහොත් යම් අවදානමකට මුහුණ දිය යුතුය. එම අවදානම අප මග හරින තරමටම අපගේ අපේක්ෂාවන්ද මග හැරී යනු ඇත. 

No comments:

Post a Comment