Friday, September 23, 2011

මිනිසුන් තුලින් අවදි විය යුතු සැබෑ සංවර්ධනය


ලෝකය තුල පවතින අනෙකුත් සංකල්ප මෙන්ම සංවර්ධනය යන්නද සාපේක්ෂය. සාමාන්‍ය පුරවැසියා සංවර්ධනය යන්නෙන් අදහස් කරන්නේ තමන්ගේ ඇත මිට සරු වී හොඳින් ජීවත්වීමට හැකි වට පිටාවක් ගොඩ නැගීමය. රජය සංවර්ධනය ඔවුන්ගේ එදා වේල පිරිමසාගෙන ආණ්ඩු පවත්වා ගෙනයාමට උපයෝගී කරගනී. ප්‍රාදේශීය දේශපාලකයන්ට එය පාලම, බෝක්කු හැදීම , පාරට තාර දැමීම වැනි අතිශය සරල කාරනාවකි. 
සැබෑ සංවර්ධනය යනු මිනිසා ආර්ථික, දේශපාලනික, සමාජීය හා අධ්‍යාත්මික යන සෑම අංශයකින්ම ලබා ගන්නා දියුණුව බව බහුතරයකගේ මතය වී තිබේ ( එනිසා එය සංවර්ධනය සඳහා වූ අපගේ අර්ථ දැක්වීම ලෙස යොදා ගන්නෙමු ) . වර්තමාන සමාජය මේ කිසිදු ක්ෂේත්‍රයකින් දියුණු වීම වෙනුවට අත්කරගෙන ඇත්තේ පිරිහිමක්ම පමණක් බව ඇස් කන් ඇති ඕනෑම අයෙකුට පෙනෙන්නට තිබෙන සත්‍යයි. බුදු දහමට අනුව ඕනෑම දෙයක් සිදු වීමට යම් හේතුවක් තිබිය යුතුය. එසේ නම් මෙම පිරිහීමට වගකිව යුත්තේ කවුද? 
සමාජයක් ලෙස අප සියලු දෙනා මෙම තත්වයේ වගකීම භාර ගත යුතුය. අප එසේ භාරගත්තද නොගත්තද එයින් ඇති පලක් නැත.   දැන් කල යුත්තේ මෙම තත්වයෙන් ගොඩ එම සඳහා ක්‍රම වේදයක් සැකසීමය. එම ක්‍රම වේදය රජයෙන් හෝ ආයතන ප්‍රධානියාගෙන් හෝ වෙනයම් නායකයෙක් තුලින් පැන නගින තුරු බලා සිටි කාලය දැන් නිම කල යුතුය. මේ සඳහා අප අප තුලින්ම ක්‍රම වේදයක් සොයා ගත යුතුය. 
අප මේ සඳහා කල යුතුව තිබෙන්නේ ඉතා සුළු කැප කිරීමක් පමණක් යයි මට සිතේ. එනම් අප සැමවිටම 
  • රට ගැන සිතා තමන් කරන කාර්යය හැකිතාක් හොඳින් කාර්යක්ෂම ලෙස ඉටු කිරීමට පියවර ගත යුතුය ( උත්සාහ කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ) 
  • තත්පරයක් හෝ නිකරුනේ කාලය අපතේ හැරීම නොකළ යුතුය. 
  • අනුන් කරන කියන දෙයින් තමාගේ යහපත් ක්‍රියා වලට බාධාවක් ඇති නොකර ගත යුතුය. 
මෙම සරල උපක්‍රම කීපය අද සිට හෝ අපට අනුගමනය කල හැකි නම් අපට නොදැනුවත්වම අපේ රට සංවර්ධනය කර ගෙන යාමට හැකි වනු ඇත. 

Tuesday, September 20, 2011

සැබෑ දේශ ද්‍රෝහීන් හඳුනා ගනිමු

සතියේ දිනවල රාත්‍රී 7.30 සිට 10.00 වනතෙක් රුපවාහිනිය නැරඹීමෙන් ඔබට සැබෑ දේශ ද්‍රෝහීන් හඳුනා ගැනීමට හැකි වන්නේ යයි යමෙකු ඔබට කිවහොත් ඔබ එය විශ්වාස කරන්නේද? වර්තමාන සමාජ ක්‍රමය හැඩ ගැසී ඇති ආකාරය දෙස බැලූ විට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මගින් සමාජය මත පතිත කරන දෘෂ්ටි වාද අනෙකුත් සියල්ලට වඩා බොහෝ ප්‍රබලය. සාමාන්‍ය පුද්ගලයෙක් තම එදිනෙදා රාජකාරි අවසන්වී නිවසට පැමිණ රුපවාහිනිය ඉදිරියේ අසුන් ගත විට ඔහුට දකින්නට ලැබෙන දේ ගැන අප මොහොතක් සිතා බැලුවහොත් එය අනිවාර්යයෙන්ම ටෙලි නාටකයකි. එම නාටකවල ඇති බොහෝ චරිත මේ ලෝකයේ ඒවා නම් නොවේය. ඒවා බොහෝ දුරට සිහින ලෝකවල සිටින මිනිසුන් ගැන කියවෙන කතාය. නැතහොත් ඉතාම විනාශකාරී අයුරින් ළමා මනස දුෂ්‍ය කරන බොළඳ ආදර කතාය. මේවායේ කිසිදු පරමාදර්ශී චරිතයක් සොයා ගත නොහැකිය. එවන් නාටකයක් දින 100 නැරඹු කෙනෙකුට වුවද තම ජිවිතයට එකතු කළහැකි වටිනාකමක් සොයා ගත නොහැකිය. ඕනෑම සමාජයක් තම අභියෝග ජයගෙන ඉදිරියට යාමට නම් මිනිසුන්ගේ ආකල්ප වර්ධනය විය යුතුය. රුපවාහිනිය ගුවන් විදුලිය වැනි මාධ්‍ය ඒ සඳහා හොඳින්ම සරිලන මාධ්‍ය වේ. එවන් හැකියාවක් සහ තදබල උවමනාවකින් සමාජය පෙලෙන මේ මොහොතේ එය පැහැර හරිමින් සමාජය තවත් පරිහානියට පත් කරන එවන් වූ පුද්ගලයින් සැබෑ දේශ ද්‍රෝහීන් නොවන්නේද?  

Friday, September 16, 2011

මග නිවැරදි නම් ගමන වරදින්නේ නැත


මහජන මතය ප්‍රබලය, ශක්තිමත්ය හෙන පහරටත් වඩා වේගවත්ය. යම් ජාතියක නියම දියුණුව, නියම නිදහස රඳා පවත්නේ මහජන මතය මත බව සැලකිය යුතුය. එහෙත් දියුණුවට බාධා පමුණුවන, නියම නිදහස ලඟා නොකරන, දුර්වල මහජන මතයකින් ඇති ප්‍රයෝජනයක් නැත.
අද අපේ රටේ තත්වය හා මහජන මතය ගැන සිතා බැලුවහොත්, සංකර අධ්‍යාපනයකින් නොමග ගිය ආත්මාර්ථකාමී බියගුල්ලන්ගේ දීන මහජන මතයකින් කවර ප්‍රයෝජනයක්ද? එවැනි මහජන මතයකින් තව තවත් සමාජය දීන තත්වයට පත්වේ. 
නියම දියුණුව, අභිවෘධිය, නිදහස ලඟා කරදෙන ප්‍රාණවත් නියම මහජන මතයක් අමුතුවෙන් ඇති කිරීමට අදම අපගේ සියලු ධෛර්යය යෙදිය යුතුය. මෙහිදී අපට බොහෝ විපත් වලට මුහුණ පාන්නට සිදු වනු ඇත. එහෙත් අපගේ අදහස් මුදුන් පත් වූ විට, අප පමණක් නොව අපගේ ජාතියද ලොව බබලනවා ඇත.

Tuesday, September 13, 2011

පෝස්ටරයට සහ කොන්ක්‍රීට් පාරට යටවුනු දේශපාලන දැක්ම


මෑත කාලයේ මැතිවරණයක් නොතිබුණු වකවානුවක් අපට මතකයට නගා ගත නොහැක. කොපමණ මැතිවරණ පැවැත්වුණද ඒවායින් මිනිසුන්ට හෝ සමාජයට වුනු යහපතක් නැත.
පුදුමයට කාරණය වන්නේ ඒවායේ ප්‍රතිඵලයද කිසිදු වෙනසක් නොවීමය. එසේ නම් මිනිසුන්ගේ දේශපාලන දැක්ම පෝස්ටරයට සහ කොන්ක්‍රීට් පාරට යටවී නැති බව අපට කිව හැකිද? 

ලෝකයේ අළු ගසා දම නැගී සිටි ජාතින් සියල්ලක්ම පාහේ දියුණුවට පත් වුයේ තමන්ට සේවය කරන නායකයින් තුලිනි. යමෙක් එම සේවය නිවැරදි ලෙස ඉටු කරන්නේ නැතිනම් එය ඉටු කරවා ගැනීම ජනයාගේ වගකීම විය යුතුය. ඒ සඳහා දේශපාලනික වශයෙන් විපක්ෂය පෙරට පැමිණිය යුතු වුවද එය එසේ නොවන විට ජනයා තම වගකීම ඉටු කල යුතුය. ඒ සඳහා අපට ගත හැකි ක්‍රියා මාර්ග කීපයක් නම්
  1. ආණ්ඩුව නිවැරදි මාර්ගයට ගැනීම 
  2. විපක්ෂය අවදි කිරීම
  3. ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ පැවැත්වීම
 මැතිවරණයක් යනු ඉහත කී සියලුම ක්‍රම වේද ක්‍රියාවට නැංවිය හැකි අවස්ථාවකි. පවතින ආණ්ඩුවට විරෝධය පෑම මෙන්ම විපක්ෂය අවදි කිරීමටද එය සාර්ථක ලෙස භාවිතා කල හැක.
ඒ සඳහා මිනිසුන් යම් වෙනසක් සිදු කල යුතුය. නැතහොත් යම් අවදානමකට මුහුණ දිය යුතුය. එම අවදානම අප මග හරින තරමටම අපගේ අපේක්ෂාවන්ද මග හැරී යනු ඇත. 

Vacancies for Independent Philosophers

Philosophy as defined by the Wikipedia

"Philosophy is the study of general and fundamental problems, such as those connected with existence, knowledge, values, reason, mind, and language.[1][2] It is distinguished from other ways of addressing such problems by its critical, generally systematic approach and its reliance on rational argument"


The people who are involving in this process is called philosophers. Greatest of Empires have always been built by great philosophers. Countries which have arisen from the ashes always had great philosophers. As a country which is looking towards the development, we need few of them. Different philosophers have arisen and diminished in the recent past. But none of them has stayed with their philosophies. 


Two such examples were Dhamma Dissanayake and Prof. Nalin De Silva. They were independent philosophers who has put some philosophies to change this country. But the worst thing is that they are not looking independent now. So we have a lot of vacancies for people who has their independent ideas towards the development of this country. They should not act on a specific political view. in the meantime, due to this political structure, independent people are rapidly diminishing from the society. 


to be continued ...

Sunday, September 11, 2011

How media should act for a better society


With the introduction of the television to the srilankan  community, it has affected it in many ways. First it was a great experience for people get information in both visual and audio forms. But with the time, It has caused many more problems than what it did for the well being of the society.

First of all it has just polluted the instincts about the life and the art if the people. If you take most of the tele dramas, films, advertisements, reality programs or even kids programs, they are just nuts. I mean there is nothing a person can take from those visual effects for the development of his life. Those things will only rooted the hidden temptations of people about sex, chatting, teen feelings and many more dull things which would not help people by any means. Showing a model for a soap or shampoo advertisement is very much acceptable. But when they are showing half nude model for a tuition class or academic institute is not good.

The worst thing is these tele dramas. They just killing everyone's time without giving any advice or reflection about the true life of people. They just shows the lives of dream girls and dreams cities, which will not be true forever. Some of the worst things that those tele dramas showing to the society are


  1. Love affairs of teenagers which are very well supported by these authors
  2. main roles without any core values of a human being 
  3. few cute models who showing there actual nature through very ordinary acts

Above are only few things these tele dramas are giving to the society. There are many more.

How should media act for a better society?

There are not much things to do by the rulers of these media organizations to guide the society to the better path.

  1. Think what would have happened to you if you have seen these things at your child age
  2. Think that your son or daughter is looking these tele dramas and advertisements
  3. Understand the responsibility of your job towards the society
  4. Finally, Remember that you will not take any money or property with you when you leave this world.

I hope that if the media rulers can adopt to above rules, then this society would be a better place to live tomorrow than today.